වැඩ සඳහා ගාස්තු, වෙනත් සේවා ගාස්තු සහ දිගටම ගෙවිය යුතු ගාස්තු මිල යෝජනාවේ වෙන වෙනම දක්වනවා.
Template එක
තෝරාගත් සූදානම් නිර්මාණය සහ එහි දක්වා ඇති ගොනු හෝ පහසුකම් පමණක් ඇතුළත් වෙනවා. Template මිලට ඔබට අවශ්‍ය වෙනස්කම් සියල්ල ස්වයංක්‍රීයව ඇතුළත් වෙන්නේ නැහැ.
ඔබට ගැළපෙන වෙනස්කම්
ලාංඡනය, ලිපි, පිටු සහ අමතර පහසුකම් සඳහා එකඟ වූ වැඩ විස්තරයට අනුව මිල සකස් කරනවා. ඉන් පිටත වෙනස්කම්වලට වෙනම මිලක් දෙනවා.
Domain සහ hosting
Domain ලියාපදිංචිය, hosting, ගෙවීම් සහිත plugins සහ වෙනත් සේවා මිල යෝජනාවේ ඇතුළත් බව සඳහන් නැත්නම් වෙනම ගාස්තු වේ. නැවත අලුත් කිරීමේ ගාස්තු මිලදී ගැනීමට පෙර තහවුරු කරනවා.
මාසික නඩත්තුව
Updates, backups, අන්තර්ගත වෙනස්කම් සහ සහාය අවශ්‍ය නම් මාසික සේවාවක් තෝරන්න පුළුවන්. මාසික ගාස්තුව, ඇතුළත් වැඩ සහ ආරම්භක දිනය වෙනම සඳහන් කරනවා.
අවසන් invoice එකේ එකඟ වූ වැඩ, වට්ටම්, අත්තිකාරම් සහ මාසික ගාස්තු පැහැදිලිව පෙන්වනවා. අනුමත කිරීමට පෙර අපැහැදිලි දෙයක් ඇත්නම් අපෙන් අහන්න.